2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වනවිට අපේක්ෂකයින් සිව්දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව දැනුම් දී ඇත.
ඉන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා සරත් කීර්තිරත්න යන අය ස්වාධීන අපේක්ෂකයන් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
එමෙන්ම ඕෂල හේරත් අභිනව නිවහල් පෙරමුණ නියෝජනය කරමින්ද සහ ඒ. එස්. පී. ලියනගේ යන අය ශ්‍රී ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින්ද ඇප මුදල් තැන්පත් කර ඇති බව සඳහන්.
