අලවතුගොඩ ප්‍රදේශයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකු පරීක්ෂා කිරිමට යාමේදී පොලිස් රාජකාරීයට බාධා කළ සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ කෝවකලගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18ත් 53ත් අතර වයසේ පසුව පුද්ගලයින් සිවු දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
අලවතුගොඩ පොලිසියට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරික්ෂකවරයකු ඇතුළු නිලධාරීන් 4 දෙනකු කොනකලගල ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටියදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.
ඔවුන් විසින් සැකකරුවන් දෙදෙනකු පරීක්ෂා කිරීමට යාමේදී එම සැකකරුවන් හා පොලිස් නිලධාරීන් අතර බහින්බස්වීමක් සිදුව ඇති බව පොලිසිය පවසයි.
පසුව ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට දැනුම්දීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට යන අවස්ථාවේදී පුද්ගලයන් 30 ක් පමණ එම ස්ථානයේ රැස්ව සිටි බවත් එම පිරිස පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවත් පොලිසිය පවසයි.
ඒ අනුව එහි සිටි පුද්ගලයන් සිවු දෙනකු සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලිසිය කියයි.
