Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රට ගොඩ ගන්න එන සර්ව ජන බලය සන්ධානයේ අපේක්ෂකයා 4 වෙනිදා කරළියට

8 months ago 3.2 K

‘සර්ව ජනබලය’ දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා අගෝස්තු මස 4 වැනිදා පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත විශේෂ සම්මේලනයේදීයි.

‘ සර්ව ජනබලය සන්ධානය’ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන්ගෙන් සමන්විතය.

ව්‍යවසායක දිලිත් ජයවීර නායකත්වය දරණ මව්බිම ජනතා පක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල  නායකත්වය දරණ පිවිතුරු හෙළ උරුමය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සංසදය, ගෙවිඳු කුමාරතුංග ගේ සභාපතිත්වයෙන් යුත් ‘යුතුකම ජාතික සංවිධානය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු පක්‍ෂ සහ සංවිධාන රැසක් ‘සර්ව ජනබලය’ දේශපාලන සන්ධානයේ සාමාජිකත්ව දරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *