Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාහන පරීක්ෂාවේදී වාහනයක් තුළට ගංජා දැමූ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්ට අත් වූ ඉරණම

10 months ago 11 K

සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ පොලිස් නිලධාරීන් පිරිසක් වාහනයක් පරීක්‍ෂා කරන මොහොතේ වාහනය තුළට කංසා දමා තරුණ පිරිසක් අමාරුවේ දැමීමට උත්සාහ කළැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකුගේ සේවය තහනම් කර තිබෙනවා .

එම කංසා තොගය පොලිසියට භාර නොදීම හේතුවෙන් රාජකාරිය පැහැරහැරීමේ චෝදනාව මත මෙම කොස්තාපල්වරයාගේ සේවය තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කංසා තිබුණු බවට පොලිස් නිලධාරීන් වාහනයේ ගමන් කළ තරුණයන්ට චෝදනා එල්ල කළේ නම් එම කංසා පොලිසියට ඉදිරිපත් කළ යුතු බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවෙහි දැක්වුණු ආකාරයට අදාළ තරුණයින් චෝදනා කළේ මෙම කංසා සැකකාර පොලිස් නිළධාරියා විසින් වාහනය තුළට දැමූ බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *