Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලොහාන් නාමල්ගේ ගෙට පැන ගෝරියක් දාගනී! ශිරන්ති මැදිහත්ව රණ්ඩුව බේරයි!

11 months ago 12.1 K

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ අතර උණුසුම් වචන හුවමාරැවක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා.

ඒ කොළඹ පිහිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිවසේ දී යි.

ඔහුගේ නිවසට රාත‍්‍රි කාලයේ පැමිණ ඇති ලොහාන් රත්වත්තේ මහතා සමග සිදුවූ මෙම බහින්බස්වීම ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වීම නිවසේ සිටි පිරිසේ මැදිහත් වීමෙන් වලක්වා ඇතැයි පැවසෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සම්බන්ධයෙන් දෙදෙනා අතර මෙම වචන හුවමාරු සිදු වී තිබෙන බවයි කියන්නේ. නිවසේ සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදිහත්වී මෙම වචන හුවමාරුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය නොවීමට වගබලාගෙන ඇතැයි කියනවා.

ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා එහිදී තදින්ම සඳහන් කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *