Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹ වරාය ලොව ඉහළම වරාය බවට පත්වෙයි

11 months ago 6.3 K

නැව් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්‍රකාශනයක් වන Alphaliner විසින් 2024 පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය සිය නවතම මාසික ප්‍රකාශනයේ දත්ත වලින් පෙන්වාදී ඇත.

ඊට අනුව ලොව පුරා අනෙකුත් සියලුම වරායන් අභිබවා යමින් කොළඹ 23.6% ක විශිෂ්ට වර්ධන වේගයක ඉස්මතු කරය ඇත. 23.3% ක වර්ධන වේගයකින් ලොස් ඇන්ජලීස් හි ලෝන්ග් බීච් වරාය දෙවන ස්ථානයට පත් වී ඇති අතර 22.7% ක වර්ධන වේගයකින් මැලේසියාවේ ටන්ජුන් පෙලෙපාස් වරාය තෙවැනි ස්ථානයට පත්විය.

2024 පළමු භාගය කොළඹ වරායට විශේෂයෙන් ආකර්ෂණීය වී ඇතිබව දත්ත අනුව නිරීක්ෂණය කළ හැකිය. 2023 වසරේ එම කාලපරිච්ඡේදය හා සසඳන විට, දේශීය බහාලුම් පරිමාව 19.2% කින්, ප්‍රතිනැව්ගත කිරීමේ බහාලුම් පරිමාව 9.6% කින් සහ මුළු බහාලුම් පරිමාවන් 12.5% කින් ඉහළ ගොස් ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *