Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උපාධිධාරීන් 50,000කට රජයේ රැකියා ලබාදීමට හදිසි කැබිනට් මණ්ඩල සංදේශයක්

10 months ago 17 K

උපාධිධාරීන් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට 2020 වසරේදී එවකට ඇමැති මණ්ඩලය ගත් තීරණයක් බලාත්මක කරමින් මීට දින කීපයකට ඉහත දී හදිසි කැබිනට් මණ්ඩල සංදේශයක් අනුමත කරගෙන තිබෙනවා.

මෙම කැබිනට් සංදේශයට මුදල් ඇමැතිවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ අත්සන්කර ඇති අතර එම සංදේශයට අනුව උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් ආණ්ඩුකාරවරුන්ට බලය පවරා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස බලාත්මක කර ඇත්තේ 2020 වර්ෂයේ ගනු ලැබූ කැබිනට් තීරණයක් වන අතර ජනාධිපතිවරණය කැඳවීමට දින දෙකකට පෙර එම තීරණය බලාත්මක කෙරෙන සංදේශය ඉදිරිපත් කර තිබෙනවා.

මෙම රැකියා ප්‍රදානය කිරීම පැහැදිලි ලෙසම මැතිවරණය ඉලක්ක කරගෙන සිදු කරන ලද්දක් බවට පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර තිබෙනවා.

වහාම සොයාබලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම සංවිධානය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *