Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිංහ ධේනුවන් ආසියාවේ ශූරියන් වීමට අද තරග බිමට! චමරිගෙන් ක්‍රීඩා ලෝලීන්ට ආයාචනයක්!

7 months ago 3.6 K

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වෙනවා.

ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතරයි.

තරගය අද පස්වරු 3.00ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අපරාජිත කණ්ඩායම් ලෙසින්.

එමෙන්ම වත්මන් ආසියානු ශූරියන් වන ඉන්දීය කණ්ඩායම ද මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ ද අපරාජිතවය.

මේ අතර ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පවසා සිටියේ ක්‍රීඩාලෝලීන්ගෙන් ලැබුණු ශක්තිය තමන් ඇතුළු කණ්ඩායමට අවසන් මහා තරගය දක්වා යෑමට ආශිර්වායයක් වූ බවයි.

එම නිසා අවසන් මහා තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තියක් වීම සදහා තරගය නැරඹීමට පැමිණෙන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *