Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පහසුවෙන්ම දික්කසාදය ලබා ගැනීමට අවස්ථාවක්! ‘වරදක් නැති දික්කසාද’ නමින් ඉන්නව නීතියක්!

7 months ago 7.9 K

දික්කසාද නීතිය මුළුමනින් ම ඉවත් කර ‘වරදක් නැති දික්කසාද’ (no fault divorce) නමින් නව නීතියක් හඳුන්වා දෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (ජූලි 23) පාර්ලිමේන්තුවේදී ය.

‘වරදක් නැති දික්කසාද’ නව පනත් කෙටුම්පත සකස් කර අවසන් බව ඔහු තවදුරට ත් සඳහන් කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම නව පනත් කෙටුම්පත මගින් නැවත ස්ථාපිත කර ගැනීමට නොහැකි මට්ටමේ පවතින දික්කසාද නඩු සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයකින් තොරව තීන්දුවක් ලබා දීමට අධිකරණයට බලය ඇති බව ය.

“දික්කසාද නිතිය මුළුමනින් ම අපි අයින් කරලා අලුත් කෙටුම්පතක් හදලා තියෙන්නේ. ඒක ‘නෝ ෆෝල්ට් ඩිවෝර්ස්.’ මේ වගේ බරපතළ විදිහට අවුරුදු ගණන් නඩු විභාග පවත්වන්නේ නැතුව ඒ විවාහය නැවත ස්ථාපිත කර ගන්න බැරි මට්ටමට කඩා බිඳ වැටිලා තියෙනවා කියලා සනාථ වෙනවා නම් අධිකරණයට ඒ තීන්දුවක් දෙන්න පුළුවන් බලය ඒකට ලැබෙනවා. “

දික්කසාද නඩු ඇතුළු අනෙකුත් නඩු සම්බන්ධයෙන් විදේශීය අධිකරණවල ලබා දෙන නඩු තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණවල පිළිගැනීමට හැකි වන ආකාරය විදේශ නඩු තීන්දු පිළිගැනිම සහ බලාත්මක කිරීමේ පනත මගින් හැකියාව ලැබෙන බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *