මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ පාසල් තුනක ශිෂ්‍යයින් පිරිසක් උපකාරක පන්තියකදි එකිනෙකාට පහර දී ගැනීම නිසා සිසුන් පස් දෙනෙකු තුවාල ලබා අති අතර සිද්ධියට සම්බන්ධ සිසුන් හය දෙනෙකු පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත .
මෙම ගැටුම සඳහා සම්බන්ධ වී ඇත්තේ එම පාසල්වල උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක්.
මුලින්ම ඊට පෙර දිනයක පුදුකුඩීඉරිප්පු වල්ලිපුනම් පාසලේ සිසුන් පාසල අවසන් වී නිවෙස්වලට යමින් සිටියදී පුදුකුඩීඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් පාසල ඉදිරිපිටට පැමිණ වල්ලිපුනම් විද්‍යලයේ සිසුන්ට පහර දී තිබෙනවා.
මෙම ප්‍රහාරය මැඩ පැවැත්වීම සදහා පුදුකුඩීඉරිප්පුව ප්‍රදේශයේ තවත් පාසලක සිසුන් පිරිසක් උත්සහ කළ අවස්ථාවේදී පුදුකුඩීඉරිප්පුව මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ඔවුන් පිරිසටද පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ පාසල අසළ සිටි දෙමාපියන් මැදිහත්ව ගැටුම සම්මතයකට පත් කර තිබෙනවා.
යළිත් උපකාරක පන්තියකදී ද මෙම ගැටුම හටගෙන ඇති අතර ඒ පිළිබඳව දෙමව්පියන් පිරිසක් විසින් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පුදුකුඩීඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් පස්දෙනෙකු ප්‍රතිකාර සඳහා පුදුකුඩීඉරිප්පුව රෝහල වෙත ඇතුළත් කර තිබේ.
පුදුකුඩීඉරිප්පුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
