Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලක්ෂයේ වැටුපේ වටිනාකම 64000ට අඩු වෙයි! රුපියල් 50000හේ වැටුප 32000ට බසී!

6 months ago 12.5 K

රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්(36%) ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින්(20%) පමණ ද 2020 – 2024 අතර කාලයේදී අඩුවී ඇතැයි මහ බැංකු තොරතුරු වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ මහතා ප්‍රධාන පුවත් පතකට ප්‍රකාශ කර තිබෙනවා.

වැටුප් වල සත්‍ය අගය මෙසේ පහත වැටීමෙන් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව බරපතළ ලෙස දුර්වල වී ඇතැයිද ඔහු සඳහන් කළා.

මහාචාර්යවරයා ප්‍රකාශ කරන්නේ, මේ අනුව සලකා බලන විට 2020 වර්ෂය වන විට රුපියල් පනස් දහසක පමණ වැටුපක් ලැබූ අයකුගේ එම වැටුපේ සත්‍ය අගය අද වනවිට රුපියල් තිස් දෙදාහක් දක්වා පහළ ගොස් ඇති බවයි. 

තවද රුපියල් ලක්ෂයක(100000) පඩියක් ගත් අයකුගේ එම වැටුපේ සත්‍ය අගය රුපියල් 64000ක් බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එසේම රුපියල් දෙලක්ෂයක වැටුපක් ගත් අයකුගේ එම වැටුපේ සත්‍ය අගය රුපියල් එක් ලක්ෂ විසි අට දහසක් බවද අතුකෝරල මහතා පවසයි.

මේ අනුව එම පුවත් පතට වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ගත් අයකුට බදු ගෙවීමටද සිදුවීමෙන් මිලදී ගැනීමේ හැකියාව තවත් අඩු වී ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *