Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්දියාව පැරදූ සිංහ ධේනුවන් ඉතිහාසය අලුත් කරයි! ඉතිහාසයේ පළමුවරට කාන්තා ආසියානු කුසලානය ජය ගනියි!

9 months ago 5.8 K

ඉතිහාසයේ පළමුවරට කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ඒ ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුලු අටකින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායම දිනාගත් අතර ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළේය.

ඔවුන් සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා පිති හරඹයක නිරත වූ ස්මිත්‍රි මන්ධනා පන්දු 47කදී ලකුණු 60ක් රැස් කළාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි ලකුණු 36කට කඩුලු 02ක් දවා ගනිද්දී, උදේෂිකා ප්‍රබෝධනී (1/27), සචින් නිසංසලා (1/20) හා චමරි අතපත්තු (1/28) එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.4කදී කඩුලු 2ක් දැවී ලකුණු 167ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අතපත්තු පන්දු 43කදී ලකුණු 61ක් ලබා ගත් අතර ජයග්‍රහණයේ නියමුවා වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69ක් රැස් කළාය.

ඇයට අනගි සහයක් දුන් කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30යි.

2004 වසරේදී ආරම්භ වූ කාන්තා ආසියානු කුසලාන තරගාවලිය එක්දින මෙන්ම විස්සයි 20 යන ආකෘති ද්විත්වයෙන්ම පැවැත්වේ.

ඒ අනුව මෙවර පැවැත්වෙන්නේ එහි 09වැනි අදියරයි.

තරග ඉතිහාසයේ මේ දක්වා පැවැති අදියරයන්ගෙන් 2018 වසරේදී බංග්ලාදේශ විසින් ඉන්දියාව පරාජය කිරීම හැරෙන්න අනෙකුත් සෑම අදියරයකම ජය තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *