Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නීතිඥ සංගමයෙන් සැර ලිපියක්! ජනපතිට අගමැතිට හා කතානායකට චෝදනා!

11 months ago 4.5 K

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රමුඛ ආණ්ඩුව අධිකරණ තීන්දු නොසළකා ක්‍රියා කරන්නේ යයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.

පොලිස්පති දූරයේ රාජකාරී කිරීම අත්හිටුවමින් දේශබන්දු තෙන්නෝක්ට එරෙහිව ලබා දී තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය හෑල්ලු කිරීමට රජය දරන උත්සාහය තම සංගමය තරයේ හෙලා දකින බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලදුව ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කරන ලද නාම යෝජනාවක් අභියෝගයට ලක් කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට නැති බවට රජය විසින් ඉදිරිපත් කරන තර්කය ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් තරයේ ප්‍රතික්ෂේප කරන බව එම නිවේදනයේ දැක්වේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමේ බලය හැරුණු කොට, ජනාධිපතිවරයාගේ අනෙකුත් ඕනෑම තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ බලය පුරවැසියන්ට හිමි වූ බවද ඔවුන් එම නිවේදනය මගින් සිහිපත් කරයි.

ඒ අනුව 19 වෙනි සංශෝධනයෙන් අනතුරුව ජනාධිපතිවරු දෙදෙනෙකු විසින් ලබා දී තිබූ ජනාධිපති සමාවන් දෙකක් අහෝසි කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයෙකු ගනු ලැබූ තීන්දුව අහෝසි කිරීම සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ධූරයේ සිටින ජනාධිපතිවරයෙකුට එරෙහිව තීන්දු ලබා දීම ආදිය ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙරත් සිදු කර තිබෙන බව නීතිඥ සංගමය විසින් සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළුව සමස්ත අධිකරණ පද්ධතිය කෙරෙහි තම සංගමය සිය පූර්ණ විශ්වාසය තබා ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනය කරයි. එමෙන්ම මෙම තීරණාත්මක මොහොතේ අධිකරණයේ අඛණ්ඩතාවය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් දැඩිව පෙනී සිටින බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය නිවේදනයේ සදහන් කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *