පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඊයේ (28) රාත්‍රියේ තාවකාලිව ඉවත් වී තිබෙනවා.
ඔහුගේ බිරිඳ පුතෙකු බිහි කිරීම හේතුවෙන් පැතුම් නිස්සංක මෙලෙස ඊයේ (28) රාත්‍රියේ සිය නිවස බලා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේවෙතත් ඔහු හෙට (30) ඉන්දියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගයට ඔහු ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
