Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වත්තල ගෙයක් ගිනිගෙන නිවසේ හිමිකරු ජීවිතක්ෂයට

11 months ago 3.2 K

වත්තල මාටාගොඩ තෙමහල් නිවසක ඇති වූ හදිසි ගිනි ගැනීමකින් වයෝවෘද්ධ පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 90ක් වූ මාටාගොඩ, හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මිය ගොස් ඇති බවයි.

එම ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත වහා ක්‍රියාත්මක වූ ම පොලිසියේ  නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩ පැවැත්වා ඇති අතර පසුව තෙමහල් නිවසේ දෙවන මහලේ කාමරයක් තුළ තිබී පිළිස්සුම් තුවාල ලබා මියගොස් සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ සිරුර සොයාගෙන තිබේ.

මරණකරුගේ බිරිඳ දින කීපයකට ඉහතදී රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටින දියණියගේ නිවසට ගොස් සිට ඇතැයි  පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *