Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දීමනා රැසක් ඉහළ දැමීමට රජයෙන් සැලසුම්

11 months ago 17.8 K

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් පීඩනයට ලක්වන පාර්ශවයක් වෙත සහන සැලසීමේ අරමුණින් වැඩිහිටි දීමනා, රෝගාබාධ ආධාර, ගොවි විශ්‍රාම වැටුප් ආදී දීමනා මුදල ඉහළ දැමීමට රජය සැලසුම් කර ඇත.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද රජය වෙත දැනුම් දී තිබුණේ බදු ප්‍රතිශතය ඉහළ දැමීම හේතුවෙන් අසාධාරණයට ලක්වන ජනතාව වෙත සහන සැලසීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.

ඒ අනුව එම සියළුම කරුණු සැලකිල්ලට ගනිමින් පිළිකා ආධාර ඇතුළු රෝගාබාධ ආධාර, වැඩිහිටි දීමනා, ගොවි විශ්‍රාම වැටුප් ආදිය රුපියල් 5,000ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කියයි.

එම සංශෝධිත මූල්‍යාධාර ඉදිරි සැප්තැම්බර් මාසයේ සිට ලබාදීම රජයේ අරමුණ බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *