ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ‘The Hindu’ ප්‍රමුඛ ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ෂාරුක් ඛාන් ජූලි 29 වන දින අක්ෂි ආබාධයක් සඳහා මුම්බායි රෝහලකින් ප්‍රතිකාර ලබාගත් බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
නමුත් එම ප්‍රතිකාරය සැලසුම් කළ පරිදි සිදු නොවූ නිසාවෙන් ‘ තත්ත්වය නිවැරදි කිරීම සඳහා’ ෂාරුක් ඛාන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව එම පුවත්පත් වාර්තාව වැඩිදුරටත් අනාවරණය කර සිටිනවා.
කෙසේ නමුත් ප්‍රතිකාරයේ ස්වභාවය සහ ඔහුගේ තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් වාර්තා වී නැත.
