විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු සකස් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එම කොමිසම සඳහන් කළේ, සිසුන් 87000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කර ඇති බවත් ඒ අතරින් සිසුන් 43,000කට අධික සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගැනීමට නියමිත බවයි.
කඩයිම් ලකුණු සකස් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා විශ්ව විද්‍යාල කිහිපයකින් නිලධාරීන් ඒ සඳහා බඳවා ගන්නා බව කොමිසම පවසනවා.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ අගෝස්තු මාසය අවසානයට පෙර කඩයිම් ලකුණු නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
