බස් රථයක් තුලදී තරුණියකගේ ළැම ප්‍රදේශය ස්පර්ශ කළ පුද්ගලයෙක් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ රාජකාරී කළ විශ්‍රාමික විදුහල්පතිවරයෙක්.
ඔහු කොළඹ සිට මාතර බලා ධාවනය වූ බස් රථය තුළ සිටි අවුරුදු 25ක් වයසැති හෙදියකගේ ළැම ප්‍රදේශය මෙසේ ස්පර්ශකර ඇති අතර ඒ පිළිබඳව ඇය කොන්දොස්තරවරයාට දැනුම්දී තිබෙනවා.
අනතුරුව බසය කළුතර දකුණ පොලිසිය ඉදිරිපිට නතර කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
