ඉන්දියාව සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරඟාවලියට නම්කර සිටි ශ්‍රී ලංකා සංචිතයේ වේග පන්දු යවන්නන් දෙදෙනෙක් තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.
ඒ, අනුව මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක ආබාධ හේතුවෙන් ඉවත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඒ වෙනුවට නවක වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන මොහොමඩ් සිරාෂ් හා එෂාන් මාලිංග සංචිතයට කැඳවා තිබෙනවා.
තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගය හෙට (02) කොළඹ ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
