Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වෛද්‍ය සාෆිට අයත් නිවසකින් අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

9 months ago 5.8 K

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට අයත් බව පැවසෙන කලාවැව, බලලුවැව ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (31) සොයාගෙන තිබෙනවා.

ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ මොහොමඩ් අස්කර් මොහොමඩ් නිදාම් නමැති 58 හැවිරිදි පුද්ගලයෙක් බව පැවසේ.

එක් දරු පියෙක්වන මොහු අනුරාධපුර, දේවානම්පියතිස්සපුර, 04 වන පටුමගප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙක් බව සඳහන්.

මෙම පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර බලලුවැව ප්‍රදේශයේ රැකියාවක් සඳහා පැමිණ ඇති බවත්, ඔහු වෛද්‍යවරයාට අයත් බව කියන නිවසේ තාවකාලිකව නැවතී සිට ඇති බවත් සිදුකළ මූලික පොලිස් විමර්ශණවල දී අනාවරණය වී තිබෙනවා.

එම නිවස තුළ ඇදක් මත තිබිය දී මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මෙට ස්වභාවික මරණයක් ද, සියදිවි නසා ගැනීමක් ද, ඝාතනයක් ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර මිය ගිය පුද්ගලයාගේ සිරුර තිබූ ඇඳ ආසන්නයේ තිබී ඖෂධ වර්ග කිහිපයක් ද පොලිසිය සොයා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් කුමාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (31) දින මරණය සම්බන්ධයෙන් සිදුකළ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය දඹුල්ල රෝහල වෙත යොමුකර තිබෙනවා.

මෙම සැක කටයුතු මරණය සම්බන්ධයෙන් නිවස භාරව සිටින බව කියන පුද්ගලයෙක් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන්කර ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *