ඉදිරි ජනාධිපතිවරණයට සඳහා ස්වාධීන අපෙර්ක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමටඅ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනටමත් ඇප තැන්පත් කර තිබේ.
මේ වන විට ඔහු තරග වඳින ලකුණ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
ඒ අනුව ඔහු බොහෝ දුරට ‘හදවත’ ලකුණින් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වදිනු ඇති බවයි එම ආරංචිමාර්ග සඳහන් කළේ.
ඔහු ස්වාධීනව තරග වදින බැවින් ඕනෑම පුද්ගලයකුට ඕනෑම පක්ෂයකට ඔහු වෙනුවෙන් ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට හැකියාව පවතින බව ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී රොනල්ඩ් පෙරේරා මහතා සඳහන් කළේය.
