ඇතැම් රෝග ආහාර මගින් සුව කළ හැකි බවට ගෙන යන ප්‍රචාරවල සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ 2025 ජනවාරි 01 වැනිදා සිට ළදරුවන්, කුඩා දරුවන්, අවුරුදු 12ට අඩු ළමුන්, ග්‍රාමීය මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් සම්බන්ධ දැන්වීම් පළ කිරීම තහනම් කර ඇති බවයි.
කෙසේනමුත් එවැනි දැන්වීම් පළ කරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර බලධාරීන්ගෙන් ඒ සඳහා අවසර ලබාගත යුතු බවයි වෛද්‍යවරයා පවසන්නේ.