Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඡන්දදායකයන් ලක්ෂ 40ක් තවමත් කොට උඩ! නවතම බුද්ධි අංශ වාර්තාවෙන් හෙළි වූ කරුණු මෙන්න!

8 months ago 4.5 K

රටේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බව රජයේ බුද්ධි අංශ කළ සමීක්ෂණයකින් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

රජයේ බුද්ධි අංශ පසුගිය දිනවල ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණ කිහිපයක් රහසිගතව සිදුකර තිබුණා.

එම සමීක්ෂණවලදී මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.

බොහෝ පිරිස් ඉදිරි මැතිවරණයේදී මනාපය පළ කරන අපේක්ෂකයා තෝරගන්නේ අවසාන සති කිහිපයේදී බවටයි එහිදී තොරතුරු හෙළිදරව් කර ඇත්තේ.

ඒ වන විට රටේ පවතින දේශපාලන තත්ත්වය, අපේක්ෂකයින්ගේ ජනප්‍රියභාවය, රට ගොඩනැගීමට ඇති හැකියාව යනාදී කරුණු කාරණා සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිය අපේක්ෂකයා තෝරාගන්නා බව එම සමීක්ෂණයට ලක් වූ පිරිසෙන් සියයට තිහකට වැඩි පිරිසක් ප්‍රකාශ කර ඇති බව සඳහන්.(මූලාශ්‍රය – ලංකාදීප)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *