විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා විසඳීමට අදාළව සකස් කළ වාර්තාව ජනාධිපතිතුමන් වෙත යොමු කිරීමට කටයුතු කරන ලද බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වර්ෂ 2016 -2020 අතර කාලය තුළ කාලය තුළ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය සේවකයින් එක් ලක්ෂ අටදහසක් පමණ සිටින බවත් ඔවුන් දැවැන්ත විශ්‍රාම වැටුප් විෂමතාවකට ගොදුරුව සිටින බවයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි උදයා සෙනවිරත්න මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් වැටුප් විෂමතා හා ඒවා විසඳීමට අවශ්‍ය විසඳුම් පිළිබඳව සොයා බලමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එම කමිටු වාර්තාවට අනුව ඉදිරි අයවැයෙන් විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවයට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය.