අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්රිකට් තරගාවලිය ශ්රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අත්අපත්තු හට අහිමි වී තිබෙනවා.
ඒ, ඇය කාන්තා Hundred තරගාවලියට සහභාගීවීම හේතුවෙන්.
අයර්ලන්තයට එරෙහි විස්ස ක්රිකට් තරගාවලිය තරග දෙකකින් සමන්විතය.
පළමු විස්සයි විස්ස ක්රිකට් තරගය ලබන 11 වැනිදාත් දෙවන තරගය ලබන 13 වැනිදාත් පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත් 16 වැනිදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා චමරි අත්පත්තු ක්රීඩා කරනු ඇති බවයි ක්රිකට් ආරංචිමාර්ග සඳහන් කළේ.
එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ පෙර තරගාවලිවලදී කණ්ඩායමේ උපනායකත්වය දැරූ හර්ෂිතා සමරවික්රම විසින් විස්සයි විස්ස තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවනු ඇති බවයි.