Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තලවකැලෙන් අතුරුදහන් වූ සිසුවියන් තිදෙනා හා සිසුවා දින 22කට පසු ගාල්ලෙන් හමුවෙයි

9 months ago 6.6 K

තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට්වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ ඉකුත් මස (14) දින සිට අතුරුදහන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මිටියාගොඩ ප්‍රදේශයේ නවාතැන්පොලක සිටියදි අද (04) පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මිටියාගොඩ ප්‍රදේශයේ කුරුදු සකස් කරන කර්මාන්තශාලාවක රැකියාවකට ගොස් ඇති බවත්, ඔවුන් අවු 14 සහ 16 වයස් කාණ්ඩවල පසුවන ළමුන් නිසා ඔවුන්ව කර්මාන්තශාලාවේ පාලන අධිකාරිය විසින් රැකියාවකට බඳවාගෙන නොමැති බවත් පොලිසිය සඳහන් කළේය.

රැකියාව නොලැබුණු නිසා එම සිසුන් පිරිස එම කර්මාන්තශාලාවට අයත් නේවාසිකාගාරයක මාසයකට ආසන්න කාලයක් රැඳී සිට තිබේ.

දුරකථන අංකයක් ඔස්සේ විමර්ෂණයක් සිදු කර ඔවුන් සැඟව සිටින ස්ථානය හදුනාගෙන තලවකැලේ පොලිසියේ නිලධාරින් පිරිසක් ගාල්ල ප්‍රදේශයට ගොස් මෙම සිව්දෙනා සොයා ගත් බව සඳහන්.

එම සිසුන් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද තලවකැලේ පොලිසිය ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *