රජය විසින් සකස් කරන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ දරුවන්ට විශාල හානියක් සිදුවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.
එම සම්මේලනය විසින් අද (3) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් එතුමා වැඩිදුරටත් පවසා සිටියේ සෞන්දර්ය විෂයන් දරුවන්ගේ මනසට බරක් ඇති කරන බවට තීරණය කරමින් ප්‍රතිපත්ති සම්පාදනය කළ පුද්ගලයන්ගේ මානසික මට්ටම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින බවයි.
එම සමිති සම්මේලනයේ චෝදනා කරන්නේ අධ්‍යාපන කොමිසම විසින් සකස් කරන ලද ප්‍රතිපත්ති පැත්තකට දමා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අත්තනෝමතිකව පත් කළ කණ්ඩායමක් විසින් මෙම ප්‍රතිසංස්කරණ රාමුවේ මූලික ආකෘතිය සකස් කර ඇති බවයි.
නව ප්‍රතිසංස්කරණ යටතේ සකස් වී ඇති මොඩියුල හරහා 6 ශ්‍රේණියේ දරුවන්ට අමතර පන්තිවලට සහභාගී නොවී අධ්‍යාපන කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අනතුරු අඟවයි.
එමෙන්ම මේ ආකාරයේ කිසිදු විධිමත්භාවයකින් තොර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම හකුලා ගත යුතු බවත් මේ වන විට ඊට අදාල චක්‍රලේඛය සියලු කටයුතු අවසන්ව අධ්‍යාපන ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කිරීමට නියමිතව ඇති බවත් එහි ලේකම් චාරුදත්ත ඉලංගසිංහ මහතා අවධාරණය කරයි.