බංග්ලාදේශය තුළ යළි මතු වී ඇති විරෝධතා අතරතුර පුද්ගලයින් 91 දෙනෙකු මියගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
අගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් ශිෂ්‍ය නායකයින් සිවිල් සිවිල් ව්‍යාපාරයක් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම නොසන්සුන්තාව හටගෙන ඇති බව සඳහන්.
සිරජ්ගන්ජ් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට ජනතාව විශාල සංඛ්‍යාවක් පැමින ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පොලිස් නිලධාරීන් 13 දෙනෙකු මිය ගිය බව පොලිසිය පවසනවා.
විරෝධතාකරුවන් වැඩිදුරටත් පවසන්නේ රැකියා කෝටාවට එරෙහිව වීථි බැස විරෝධතාවය පළකර 200කට වැඩි පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ට එරෙහිව දඬුවම් පැමිණවිය යුතු බවයි.
මේ අතර පාලක අවාමි ලීගයේ ක්‍රියාකාරීන් මෙම විරෝධතාවලට ප්‍රතිවිරෝධතා ක්‍රියාත්මක කර ඇති බව ද වාර්තා වනවා.
විරෝධතාකරුවන් ඩකා හි ෂාබාග් ප්‍රදේශයේ ප්‍රධාන රෝහලකටද පහර දී ඇති අතර ඇතැම් ප්‍රදේශවල වාහනවලටද ගිනි තබා ඇති බව සඳහන්.
ඒ අනුව ඊයේ පස්වරු 6 සිට නැවත දැනුම්දෙනතුරු රටපුරා ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිවෙනවා.
එමෙන්ම සියලුම සමාජ ජාලා වෙත පිවිසීම සහ ජංගම දුරකථන අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමටත් එරට රජය තීරණය කර තිබෙනවා.
බංග්ලාදේශ අගමැතිනිය ශිෂ්‍ය ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා කිරීමට එකඟත්වය පළ කළ ද ඇය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශිෂ්‍ය ක්‍රියාකාරීන් පවසනවා.