ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා එක්විය.
ඒ මහතා මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබයි.
මෙම අවස්ථාවේදී ඔහුගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මියද සජබයට එක් වූ අතර ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැදවුම්කරු වශයෙන් කටයුතු කරනු ලබයි.