ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු ඉදිරි දින කිහිපයේදී සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශපාලන විරසකයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් මෙලෙස අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට සූදානම් වන බවයි එම ආරංචිමාර්ග සඳහන් කළේ.
එම අමාත්‍යවරුන් තිදෙනාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් වෙනම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යන මතයේ සිටින බවයි වාර්තා වන්නේ.
මේ අතර කිහිපයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමකින් පසු වන බවද වාර්තා වෙයි.