මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ නීතී රීති අනුව ඡන්ද විමසීම්වලදී ඡන්දය ප්‍රකාශ කළ හැකි වන්නේ, තමා ඡන්ද හිමියෙකු වශයෙන් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිඅංචි වී ඇති ඡන්ද කොට්ඨාශයට අයත් ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණීමෙන් හා තැපැල් ඡන්ද හිමිකම ඇති අයෙකුට තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේ දී ඔහු ඉදිරියේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන්.
2024 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ගේ ලිපිනය වෙත ඡන්දහිමියාගේ නම, ඡන්දය ප්‍රකාශ කළ හැකි ඡන්ද මධ්‍යස්ථානය සඳහන් කර නිල ඡන්ද දැන්වීම්පතක් තැපෑලෙන් ලැබෙනු ඇතැයි එහි සඳහන්.
එහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැත.