වයසට යෑමට කිසිවෙක් ප්‍රියතාවක් දක්වන්නේ නැහැ. සියල්ලෝම පාහේ ආශා කරන්නේ තමන්ගේ තරුණ බව හැකිතාක් හොදින් දීර්ඝ කාලයක් රැක ගැනීමටයි. නමුත් අපට නොදැනුවත්වම අපි සියලුම දෙනා වයසට යනවා. ඒ වයසට යෑම පෙන්නුම් කරන ප්‍රධානතම අවයවය ශරීරයේ සම යැයි කීම නිවැරදියි. අප වයසටයත්ම සමත් විවිධ වෙනස්කම්වලට භාජනය වනවා. සමේ ප්‍රත්‍යස්ථාව රැක ගැනීමට නොහැකිව සම රැලි වැටීම, අවපැහැ ගැන්වීම ආදිය සිදුවනවා. නමුත් ඔබගේ එදිනෙදා පුරුදු කිහිපයක් වෙනස් කිරීමෙන් සම වයසට යාම පාලනය කරගත හැකියි.
Sunscreen භාවිත කිරීම.
සමේ වයසට යෑමෙන් 70% කටම වගකිව යුත්තේ අහිතකර හිරු කිරණ බව නවතම සමීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා. එම අහිතකර හිරු කිරණින් ඔබගේ සම ආරක්ෂා කර ගැනීමට ඔබ නිවසින් පිටව යන සෑම අවස්ථාවකදීම හොඳ තත්ත්වයේ Sunscreen එකක් ආලේප කිරීම අනිවාර්ය බව කිව යුතුයි.
අඩුවෙන් නිදා ගැනීම
දිනකට ඔබට අවශ්‍ය නින්ද දිනපතා ඔබ හරිහැටි ලබා නොගන්නේ නම් නියත වශයෙන්ම සමේ වයසට යෑම ක්‍රියාවලිය වේගවත් වනවා. මක් නිසාද යත් ශරීරය අළුත්වැඩියා වීම, සෛල පිරිසිදුවීම ආදී සියල්ල සිදුවන්නේ රාත්‍රි නින්දේදීය. එබැවින් ශරීරයට අවශ්‍ය නින්ද හරිහැටි ඔබ ලබා නොගන්නේ නම් අනිවාර්යයෙන්ම වැඩි වේගයකින් සම වයසට යෑම සිදුවනවා.
නිසි පරිදි ව්‍යායාම නොකිරීම
මුළු ශරීරයේම යහපත් පැවැත්මට නිසි පරිදි ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. සමේ යහපත් සෞඛ්‍ය පවත්වා ගැනීමටත්, හොඳින් රුධිරය සංසරණය කර ගැනීමටත්, සමේ සෛලවලට අඩංගු ඔක්සිජන් ලබාගැනීමටත් දිනපතා ව්‍යායාම කිරීම අත්‍යවශ්‍යයි. අවම වශයෙන් දිනකට විනාඩි විස්සේ සිට තිහ දක්වා කාලයක් සතියකට දින 04 ක්වත් ව්‍යායාම කිරීම සුදුසු බව පැවසෙනවා.
සැර Cleansers භාවිතය
වෙළඳපොලෙන් ලබාගන්නා Cleanser වර්ග ඔබේ සමට කොතෙක් දුරට සුදුසුද යන වග පිළිබඳ දැනීමක් ඔබට තිබිය යුතුයි. රසායනික ද්‍රව්‍ය බෙහෙවින් අඩංගු ඉතාමත්ම සැර Cleanser එකක් භාවිතයෙන් ඔබගේ සම අනවශ්‍ය වියලීමකට ලක්වී ඉක්මනින් වයසට යාම සිදුවනවා.