සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ තරග 2-0ක් වශයෙන් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ මෙම තරගය ලකුණු 110කින් ජය ගැනීමත් සමගයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකාව සමත් වූ අතර එහිදී ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදූ කඩුලු 07ක් දැවී ලකුණු 248 ක් ලබා ගත්තා.
ශ්රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට පිතිහරඹයක නිරත වූ අවිශ්ක ප්රනාන්දු පන්දු 102කදී ලකුණු 96ක් රැස්කර ගැනීමට සමත් වූ අතර කුසල් මෙන්ඩිස් පන්දු 82කදී ලකුණු 59ක් රැස්කළා.
පැතුම් නිස්සංක ලකුණු 45ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 23ක් ලබා ගත්තා.
වෙනත් කිසිදු ක්රීඩකයෙකුට ලකුණු 15 සීමාව පසු කිරීමට හැකි වූයේ නැහැ.
පන්දු යැවීමේදී Riyan Parag ලකුණු 54 කට කඩුලු 03ක් ලබා ගත්තා.
ලකුණු 249ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 138ක් පමණි.
ශ්රී ලංකා කණ්ඩායම ලැබූ මෙම තරගාවලි ජය සැලකෙන්නේ, ඔවුන් ඉන්දියාවට එරෙහිව වසර 27කට පසු ලැබූ පළමු තරගාවලි ජය ලෙසයි.
මීට පෙර ඔවුන් එක්දින තරගාවලියකදී ඉන්දීය කණ්ඩායම පරාජය කර තිබුණේ 1997 වසරේදී වූ අතර, එවර ඔවුන් තරග 3-0කින් ඉන්දියාව පරාජය කර තිබුණි.