සියලුම රජයේ විශ්‍රාමිකයන් වෙත සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 3000ක විශේෂ අන්තර්කාලීන දීමනාවක් ගෙවීම සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මෙම චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහිතව නිකුත් කර තිබෙන බව දැක්වෙනවා.
විශ්‍රාමිකයින් වෙත ලබාදෙන රුපියල් 3,000ක දීමනාව මැතිවරණ කාලසීමාව තුළ ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබියදීත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් මෙලෙස චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් අනතුරුව තවමත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.