දකුණු ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 7.1කින් යුත් භූකම්පනයක් වාර්තා වී තිබේ.
ජපානයේ කුශු දූපතට නැගෙනහිර වෙරළ ආසන්නයේ කිලෝමීටර් 30ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම කම්පනය සිදුවී තිබුණි.
ඒ අනුව කියුෂු සහ ෂිකෝකු දූපත්වල කලාප කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙම භූකම්පනය හේතුවෙන් කුශු දූපතට සහ ශිකොකු දූපතට මීටරයක් පමණ උසැති සුනාමි රැලි ඇති වෙතැයි අනුමාන කර තිබේ.