ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව තවදුරටත් ශ්රී ලංකිකයන් සඳහා එරට රැකියා අවස්ථා ලබාදීමට නියමිතයි.
ඒ අනුව දකුණු කොරියාව බලා යන 873 වන කණ්ඩායම පසුගිය අගහරුවාදා(06) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
මෙම කණ්ඩායමය ශ්රී ලංකිකයන් 100 දෙනෙකු ඇතුළත් වන අතර ඒ අතර තරුණියන් 08 දෙනෙක් සිටීමද විශේෂත්වයක්.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ 2024 වසරේ මුල් මාස 7 තුළ 3,694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි.