චීනයේ බීජිං පදනම් කරගත් සිවිල් කටයුතු විශ්වවිද්‍යාලයකින් පවුල් උපදේශනය, විවාහ සැලසුම් සහ විවාහය සඳහා උත්තේජයනය සපයන නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම ඇතුළත් කර ‘විවාහ සේවා හා කළමනාකරණ’ උපාධියක් හඳුන්වා දී තිබෙනවා.
චීනයේ විවාහ අනුපාතය සහ උපත් අනුපාතය සීඝ්රයෙන් පහළ බැසීම හේතුවෙන් විවාහයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙවැන්නක් හඳුන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
විදෙස් වාර්තාවන්ට අනුව මේ වසරේ සැප්තැම්බරයේදී උපාධි පාඨමාලාව ඇරඹීමට නියමිතය.
උපාධිය සඳහා සෑම වසරකම පළාත් 12ක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 70ක් උපාධි අපේක්ෂකයින් ලෙස බඳවා ගැනෙන බව සඳහන්.
එමෙන්ම චීනයේ ධනාත්මක විවාහ – පවුල් සංස්කෘතිය සිසුන්ට සහ මහජනතාවට ඉස්මතු කිරීමත් චීනයේ විවාහ චාරිත්‍ර ප්‍රතිසංස්කරණය කිරීමත් මෙහි අරමුණක් වන බව සඳහන්.