Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලක්ෂ 500කට අලෙවි කිරීමට ගිය ගජමුතු සමඟ 4ක් අත්අඩංගුවට

8 months ago 2.2 K

රුපියල් කෝටි පහකට විකිණීමට ගිය ගජමුතු තුනක් සමඟ තරුණයින් සිව් දෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වනජීවී හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදීයි මොවුන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, බෝධිරාජපුර, අට්ටවිල්ලුව හා වනාතවිල්ලුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 24, 32, 40 යන වයස් සීමාවල පසුවන්නන් බවයි පොලීසිය පවසන්නේ.

ගුවන් හමුදා උපාය දූතයින් යොදවා අදාළ ගජමුතු මිලදී ගන්නා මුවාවෙන් මෙම ජාවාරම නීතියේ රැහැනට හසු කරගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *