පුද්ගලයන් 61 දෙනෙකු සමඟින් ගමන් ගත් මගී ගුවන් යානයක් ඊයේ (09) බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගිනිගෙන කඩා වැටීමෙන් එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Voepass ගුවන් සේවය මුලින් යානයේ 62 දෙනෙකු සිටි බව වාර්තා කළ නමුත් පසුව එම සංඛ්‍යාව 61 දක්වා සංශෝධනය කරන ලද අතර යානයේ සිටි මගීන් 57 සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනාම ඒ අනුව ජීවිතක්ෂයට පත්ව ඇති බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Voepass Linhas Aéreas ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන ATR-72 ගුවන් යානය, Parana ප්‍රාන්තයේ Cascavel සිට Sao Paulo Guarulhos දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවද සඳහන්.