සර්ව ජනබලයෙහි ජනාධිපතිධුර අපේක්ෂක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ඉන් ඉවත් වන බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ලිපිය ව්‍යාජ ලිපියක් බව එම පක්ෂය පවසනවා.
අදාළ ලිපිය ඊයේ (09) පස්වරුවේ සිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ අතර ඒ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව විවිධ මත පළ කරමින් සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකු සහ සිවිල් සමාජ සන්ධානගත වී පසුගියදා සිය ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර මහතා බවට දැනුම්දීමටයි කටයුතු කළේ.
ඒ අනුව මේ වනවිට මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලබනවා.
එවන් පසුබිමක මෙම ලිපිය සමාජ මාධ්‍ය තුළ හුවමාරු වීමත් විශේෂත්වයක්.