Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගුරු – විදුහල්පති සංගම් ගත් තීරණය

9 months ago 11.3 K

ගුරු – විදුහල්පතිවරුන්ගේ ගැටලු පිළිබඳ අධ්‍යාපන බලධාරීන් කල්මරමින් සිටීම හේතුවෙන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මැතිවරණ සමයේ වුවත් තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසනවා.

වැටුප් විෂමතාවට විසඳුම් ලබානොදීම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබා නොදෙමින් අධ්‍යාපන බලධාරීන් දිනෙන් දින කල්ඇරීම හේතුවෙන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් සිදුකරන බවයි ඒ මහතා කියා සිටියේ.

පාසල් වේලාව තුළ දරුවන්ට ඉගැන්වීමේ කටයුතු සිදුකළද, පාසල් වේලාවෙන් පසු අධ්‍යාපන බලධාරීන් සමඟ සිදුකරන කිසිදු වැඩකටයුත්තකට සම්බන්ධ නොවන බව ඔහු අවධාරණය කළා.

තම ගැටලු විසඳීමට ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරියේ දී මීට වඩා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව ජෝෂප් ස්ටාලින් මහතා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *