කම්කරු අමාත්‍යංශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් යටතේ තබාගැනීමට කටයුතු කර තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තිය සමිති හා තරුණ නායක හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණ කර සිටියා.
එහි දී ඒ මහතා ප්‍රකාශ කළේ, වතු කම්කරුන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළ කර තිබෙන බවයි.
කම්කරු අමාත්‍යවරයා ලෙස එළැඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ සාකච්ඡා කරන බව ද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.
අවශ්‍ය නම් එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශේෂ නීති ගෙන ඒමට සූදානම් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක සඳහන්.