Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇමරිකාවට මීටර් 100 සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම අහිමි වෙයි! වසර 28කට පසු කැනඩාවට රන් පදක්කම!

1 month ago 1.7 K

මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඊයේ (09) පැවති පිරිමි මීටර් 4×100 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට කැනඩාව සමත් විය.

ඒ ගියවර ඔලිම්පික් ශූරයන් මෙන්ම, වත්මන් ලෝක ශූරයන් වන අමෙරිකාව අභිබවා යමින්.

ක්‍රීඩා විචාරකයන් සියලුම දෙනා මත පල කර තිබුණේ ඇමරිකාව පහසුවෙන්ම මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගනු ඇති බවටයි.

මෙය වසර 28කට පසු කැනඩා කණ්ඩායමක් ඔලිම්පික් උළෙලක මීටර් 100 සහාය දිවීමේ ඉසව්වකින් රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙසින් සැලකෙන අතර ඔවුන් තත්පර 37.50ක කාලයක් ගත කර තිබුණි.

මෙම ඉසව්වේ රිදී පදක්කම දකුණු අප්‍රිකාව (තත්. 37.57) හිමිකරගනිද්දී, ලෝකඩ පදක්කම මහා බ්‍රිතාන්‍යයට (තත්. 37.61) හිමිවිය.

අමෙරිකානු කණ්ඩායමේ පළමු යෂ්ඨි හුවමාරුව නීත්‍යානුකූල නොවීම හේතුවෙන් ඔවුන්ගේ තරග ප්‍රතිඵපලය අහෝසි කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *