හදිසියේ ඇති වූ ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් තිරප්පනේ විදුහලක සිසුන් 21 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
එලෙස රෝහල්ගත කර ඇත්තේ, එම පාසලේ 4 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක්.
ශරීරයේ ඇතිවූ කැසීම් ස්වභාවය හේතුවෙන් ඔවුන් මෙලෙස රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පාසල් විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව 1990 ගිලන් රථය හරහා ඔවුන් ප්‍රතිකාර සඳහා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
අදාළ සිසු සිසුවියන් වීදුරුවලින් ආවරණය කළ පංති කාමරයක් තුළ ආහාර ගෙන ඇති බවත්, ඉන් අනතුරුව සිසුන්ගේ ඇඟ කැසීමේ තත්ත්වයක් මතුව ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.
ආහාර ගැනීමෙන් පසුව සිසුන් අතර මෙම තත්ත්වය මතුව තිබීම නිසා මෙය කිසියම් ආඝ්‍රාහණයකින් සිදු වූයේද නැතිනම් ආහාර හේතුවෙන් සිදු වූයේ ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බවද සඳහන්.