මෙවර ජනාධිපතිවරණයේදී, සමගි ජන සන්ධානයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහාය පළකිරීමට අදාළ ගිවිසුමට අද (15) කොළඹ දී අත්සන් තැබුණා.
ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්සන් තබා තිබෙනවා.
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ (14) කොළඹ දී රැස් වී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට, සහාය පළ කිරීමට එකඟත්වය පළ කළා.
මේ අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය ඔස්සේ පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබුණි.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එස්.එම්.එම් මුෂාරෆ් මෙලෙස ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කළ බව වාර්තා විය.