තායිලන්තයේ මීළඟ අගමැති ලෙස පේටොංටාර්න් ෂිනවත්‍රා එරට පාර්ලිමේන්තුව විසින් අද තෝරා පත්කරගෙන තිබේ.
මෙම තෝරා පත්කර ගැනීම සිදුවන්නේ තායිලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් හිටපු අගමැති ශ්‍රේත්තා තාවිසින් ධුරයෙන් පහ කිරීමෙන් දින දෙකකට පසුවයි.
ශ්‍රේත්තා වෙනුවට Pheu Thai පක්ෂයේ පාලක සභාගය විසින් එකම අපේක්ෂකයා ලෙස 37 හැවිරිදි පේටොංටාර්න් නම් කිරීමෙන් පසු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 319ක් ඇයට ලැබී තිබිණි.
ඇය නිල වශයෙන් බලයට පත්වීමට සහ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට පෙර මහා වජිරලොන්ග්කෝන් රජු විසින් ඇයගේ පත්වීම අනුමත කළ යුතුය.
හිටපු තායිලන්ත අගමැති තක්ෂින් ෂිනවත්ගේ දියණිය වන ඇය වාර්තා අතරට එක්වන්නේ එරට අගමැති ධුරයට පත් ළාබාලතම කෙනා ලෙසය.
එමෙන්ම ඇය ගෙවුණු දශක දෙකක කාලය තුළ දී ෂිනවත් පරම්පරාවෙන් තායිලන්ත අගමැති ධුරයට පත් සිව්වන දේශපාලනඥයා වීමත් විශේෂත්වයකි.