Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රනිල් අනුරපුරෙන් – අනුර දකුණෙන් – දිලිත් යාපනයෙන් අද ජනපති සටන අරඹයි!

10 months ago 1.6 K

ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟවදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන ජන රැළි මාලාවේ පළමුවැන්න අද පැවැත්වෙනවා.

පස්වරු 02ට එම ජන රැළිය ආරම්භ වන්නේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදීයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම ජන රැළියට “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට ඊයේ දිනයේ අත්සන් කළ පක්ෂ 34හි නියෝජිතයින්ද එක්වනවා.

සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ජන රැලිය බණ්ඩාරගම නගරයේදී අද (17) පෙරවරුවේ පැවැත්වුණි.

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ දෙවන ජන රැලිය මෙය වෙයි.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය කේන්ද්‍ර කර ගනිමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන්  සංවිධාන කරන ජන රැළි මාලාව දකුණු පළාතෙන් අද ආරම්භ වනවා.

ඒ අනුව තංගල්ල නගරයේදී පළමු ජන රැළිය පස්වරු 03ට ආරම්භ වනවා.

මේ අතර සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීරගේ රැලි මාලාවේ මංගල රැලිය, ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ප්‍රධානත්වයෙන් අද (17) යාපනයෙන් ආරම්භ කිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *