Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තුර්කි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ගුටි ඇන ගනිති

10 months ago 861

තුර්කි පාර්ලිමේන්තුවේ සභිකයන් අතර එම පාර්ලිමේන්තුව තුළ දීම ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි.

ආණ්ඩුව පෙරළා දැමීමට උත්සාහ කිරීමේ චෝදනාව මත වසර 18ක සිරදඬුවම් නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩදිය යුතු බවට එම මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා.

ඔහුගේ ප්‍රකාශයෙන් කෝප වූ පාලක පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඔහුට පහර දීමත් සමග මෙම ගුටිබැට හුවමාරුව හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සිරදඬුවම් නියමව සිටින පුද්ගලයා සිරගතව සිටියදීම පසුගිය වසරේ පැවති මැතිවරණයට ඉදිරිපත් වී ජය ගැනීමටත් සමත් වී ඇති බව සඳහන් ය.

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය පවසන්නේ ගැටුම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ ලේ වැගිරී ගිය බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *