පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්ත වී බිම ඇද වැටුණු ගුරුවරියක් යාපනය ශීක්ෂණ රෝහලේදී අද (18) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යාපනය පලාලී උතුර කණිෂ්ඨ විද්‍යාලයේ සේවය කළ 49 හැවිරිදි මෙම ගුරුවරිය එක්වරම බිම ඇඳ වැටීමත් සමගම පාසලේ විදුහල්පතිවරයා ඇතුලු පිරිස ඇයව යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති අතර වෛද්‍යවරු ප්‍රකාශ කොට ඇත්තේ ඇයගේ මොළයේ රුධිරය කැටි ගැසීමක් සිදුව අති බවයි.
ඒ හේතුවෙන් ගුරුවරිය මියගොස් ඇති බව බව දැනට ප්‍රකාශ වී ඇතත් මරණයට නිසි හේතුව සොයා ගැනීම පිණිස යාපනය ශීක්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීමට නියමිතයි.
කන්කසන්තුරේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.